"Doctor මේ මෙතැනට මොකක් හරි වැටුණාම රිදෙනවා...”
රෝගියා සිය කකුලේ යම් තැනක් පෙන්වමින්
"ඒ කිව්වේ අම්මේ "
මට පැහැදිලි අදහසක් ගැනීමට නොහැකිව..
"නැ මහත්තයා මීට මාස තුනකට කලින් මාව වැටුණා, ඒ වෙලාවේ මගේ කකුලේ මේ මෙතැන මේ පැත්තට මෙව්වා උනා"
(මෙව්වා වීම යනු ලංකාවේ කිනම් හෝ වෛද්‍ය අධ්‍යාපනයක් ලබන වෛද්‍ය සිසුන්ට සිය උපාධි අධ්‍යනය කාල සීමාව තුළ කෙසේවත් හමු නොවන, සීමාවාසික පුහුණුවේ දී පළමු වරට හඳුනා ගැනීමට ලැබෙන හා රාජකාරි කටයුතු සිදු කරන කාලයේදී ඉතා බහුලව හමුවන රෝග විශේෂයකි. මෙය මෙව්වා වීම, මෙහෙම වීම, පුටු කකුල වැදිලා මෙව්වා වීම, අත දොරට අසුවීමෙන් මෙව්වා වීම ආදී ලෙස අවස්ථා ගණනාවකි)
"ඒ වෙලාවේ බෙහෙත් කරලා හොඳ වුණා.. දැන් මාසයක ඉඳන් මෙතැනට මොකක් හරි වැටුණාම රිදෙනවා"
"ඒ කියන්නේ මේ වතුර බෝතලේ දැන් මම අම්මාගේ කකුල උඩට අතහැරියොත් රිදෙනවා"
මගේ මෙසේය මත වූ විදුරු බෝතලය ඇයට පෙන්වමින් මම ඇසුවෙමි..
"ඔව් ඔව් මහත්තයා දාලා බලන්නකෝ.. "
"දැන් ඇයි අම්මා එහෙම එක එක දේවල් කකුල උඩට දාන්නේ"
" නැ ඉතින්, මේ මෙහෙම අතින් තද කරත් රිදෙනවා "
එවර ඇය, සිය සම්පූර්ණ වෙර එක් අතකට යොදා වැරෙන් සිය පාදයේ අදාළ ස්ථානය තද කලහ..
"අම්මේ ඔය ගාණට තද කරොත් නම් මගේ කකුල වුණත් රිදෙනවා.. අනික එහෙම කකුල තද කරන්නේ මොකටද?? "
" නැ ඉතිං මම ඔය තද කරලා බලනවා රිදෙනවාද කියලා"....
ඇත්තටම ඒ මොහොතේ දී ඇයගේ පාදයේ කිසිදු වේදනාවක් හෝ වෙනත් අපහසුතාවයක් නොතිබිණි...
නමුත් හිත සැනසීමක් නම් අත්‍යවශ්‍යම වි තිබිණි..
-වෛද්‍ය සුපුන් උඩුගමකෝරාලගේ -
(චායාරුපය අන්තර්ජාලයනි.)
No comments:
Post a Comment